(ආරියරත්න රණබාහු)
නැගෙනහිර පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවක ඉතා තදින් පැතිරෙන ඩෙංගු රෝගය මැඩපැවැත්වීමට රජය උපරිම අයුරින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවසීය.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මේ වන විටත් අවශ්‍ය පියවර ගෙන තිබෙන බවත් ඒ සඳහා අවශ්‍ය සම්පත් රජය සපයන බවත් අගමැතිවරයා කීවේය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මේ බව කීය.
මහජන නියෝජිතයින් දහස් ගණනකගේ සහාය ලබාගෙන ඩෙංගු රෝගය පැතිර යාම වැළැක්වීමට තිබුණ ද පළාත් සභා විසුරුවා හැර තිබීම නිසා රජයට ඒ සහය ලබා ගැනීමට නොහැකි වී ඇතැයි දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
මේ වන විට දිවයින පුරා ඩෙංගු රෝගීන් 21 000ක් පමණ සිටින බවත් ඉන් 8800ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවත් ඒ මහතා කීවේය.

