ඩෙංගු බෝකරන මදුරුවන් වැසිකිළි වළෙන් ද හමුවන බව ගාල්ල දිස්ත්‍රික් බරවා රෝග මර්ධන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය මුංජුල පුංචිහේවා මහතා පවසයි. ඩෙංගු මදුරුවන් බෝවූයේ පැහැදිලි ජලයේ පමණි. අපිරිසිදු ජලයේ බරවා බෝකරන මදුරුවෝ බෝ වූහ. වෛද්‍ය පුංචිහේවා මහතා පවසන්නේ ඇල්පිටිය, අහංගම සහ වැලිගම ප්‍රදේශවල කරන ලද පරීක්ෂණයකින් වැසිකිළි වළවල් වල ද ඩෙංගු මදුරුවන් බෝවන බව තහවුරු වූ බවයි. මදුරුවන් ඉතා ඉක්මණින් අනුවර්ථනය වීමේ හැකියාවකින් යුතු සත්ත්වයෙකි. වෛද්‍ය පුංචිහේවා මහතා පවසන්නේ ඩෙංගු මදුරුවා වැසිකිළි පෝච්චියේ අලවන බිත්තර ජලය සමග වළ ඇතුලට ගොස් මදුරුවන් බිහිවන්නට ඇති බවයි. මෙය මදුරුවාගේ අනුවර්තනයක් විය හැකි බව ද හෙතෙම පවසයි. වැසිකිළියේ ඩෙංගු මදුරුවා බෝවි එළියට ඒම වැළැක්විමට නම් වැසිකිළි වල හොදින් මුද්‍රා තැබීම අවශ්‍ය බව ද වෛද්‍යවරයා පෙන්වාදෙයි.