ඩෙංගු මදුරුවා නැති පාසලක් ගාල්ලේ නෑ


ගාල්ල නගරයේ පිහිටි බොහෝ ජාතික පාසල් ඩෙංගු බෝකරන ස්ථාන ලෙස හඳුනාගෙන ඇතැයි ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර සිංගාරච්චි මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ඩෙංගු කීටයන් බෝකරන පාසල් වලට එම ස්ථාන පිරිසිදු කරන ලෙස දැනුම් දි තිබෙන බවයි. ඉදිරි සති කිහිපයේදී පාසල් පිරිසිදු නොකළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද වෛද්‍යවරයා කියා සිටියේය.