ඩෙංගු බෝ කළැයි මුවර්ස් ක්‍රිඩා සමාජයට දඩ


(ඉන්දිකා  රාමනායක)

කොළඹ 2 ,  මුත්තයියා පාරේ    පිහිටි මුවර්ස් ක්‍රීඩාපිටියේ ඩෙංගු  මදුරු කීටයන් බෝවීමට ඉඩ හරින ලදැයි මාලිගාකන්ද අධිකරණයේ වරද පිළිගත්  එහි සහකාර කළමනාකරුට  මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය තරයේ අවවාද කර රුපියල් 50,000 ක  දඩයක් නියම කළාය.

මෙලෙස    දඩ මුදල් නියම වුයේ මුවර්ස් ක්‍රීඩා සමාජයේ   සහකාර කළමනාකරු වන එම් නව්රූස් ඉක්බාල් නැමැත්තාටය.

කොළඹ  නගර සභාව, ත්‍රිවිද හමුදාව එක්ව සිදුකළ ඩෙංගු මර්දන මෙහෙයුමේ දී  ක්‍රීඩාපිටියේ තණකොළ ආරක්ෂා කිරීම සදහා  යෙදා තිබු  කාපට් එකක් තුළ  ඩෙංගු මදුරු කීටයන්  බෝවීමට ඉඩහැරීම  සම්බන්ධයෙන්   මාලිගාකන්ද අධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

මුවර්ස් ක්‍රිඩාංගනය   අවට කාර්යාල රැසක්, ප්‍රසිද්ධි විහාරස්ථානයක්  පිහිටා තිබීම හේතුවෙන් එම ප්‍රදේශයේ  මහජනයා වැඩි වශයෙක් ගැවසෙන බවත්, මහජනයා අනතුරේ  හෙළමින්  නොසැලකිලිමත්ව ක්‍රියාකාර මින් ඉදිරියටත් මේ ආකාරයේ  මදුරුවන් බෝවන  ස්ථාන පවත්වාගෙන ගියහොත්  සිරදඩුවම් ලබා දෙන බවට  මහේස්ත්‍රාත්වරිය විත්තිරුට අධිකරණය හමුවේ වැඩි ලෙස අවවාද කරමින් මෙම දඩමුදල  නියම කළ බව අධිකරණයෙන් වාර්තා වේ.

කොම්පඤ්ඤවීදිය මහජන සෞඛ්‍ය පරීක්ෂක නිශාන්ත සෙනවිරත්න මහතා පැමිණිල්ල  මෙහෙයවීය.