කහතුඩුවේ කෝරලේගම ඩෙංගු මර්දන වැඩසටහනකට ගිය බස්නාහිර පළාත් ඩෙංගු ක්ෂණික විහිදුම් බළකායේ දෙදෙනකු අද උදේ උත්සව ශාලාවකට බලෙන් ගෙනගොස් පහර දුන් බව කියන උත්සව ශාලාවේ හිමිකරු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔහු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු බව කියති.
උත්සව ශාලාව පිහිටි වත්තේ මදුරු කීටයන් බෝවී ඇතැයි පෙන්වාදීම නිසා හිමිකරු උරණ වී ඇතැයි පොලිසිය පවසයි.

