ඩෙංගු පැතිරීමෙන් කින්නියාහි පාසල් 66 ක් වසා දමයි


(සිරාජ් හසීම්)

ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා ත්‍රීකුණාමලය කින්නියා අධ්‍යාපන කලාපයට අයත් පාසල් 66 ක් අද (15) සිට දින තුනක කාලයක් වසා දැමීමට පියවර ගත් බව නැගෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. දණ්ඩායුධපානි මහතා කියයි. ඩෙංගු රෝගය නිසා ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ පුද්ගල මරණ 13 ක් වාර්තා වී ඇත

ඩෙංගු රෝගීන් සංඛ්‍යාව දහස් ගණනින් ඉහළ ගොස් ඇති බවත් ඩෙංගු රෝගීන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කින්නියා අධ්‍යාපන කලාපයෙන් නිසා මෙම තීරණය ගත් බවත් ඒ මහතා කියයි.

මෙම තත්ත්වය මර්ධනය කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙන බවත් හැකිතාක් උපරිමයෙන් කටයුතු කර ඩෙංගු වසංගතය මර්ධනය කරන බවත් නැගෙනහිර පළාත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්.නසීර් මහතා පවසයි.