යම් ප්‍රදේශයක ඩෙංගු රෝගය හේතුවෙන් පුද්ගලයකු මිය ගිය හොත් ඩෙංගු මදුරු කීටයන් බෝ කළ පුද්ගලයා හෝ ආයතනය විසින් වන්දි ගෙවීමට ද, මදුරු කීටයන් සහිත පරිශ්‍ර පවත්වාගෙ යන්නන්ට දඩ මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ද යෝජනා කරන බව සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
ගම්පහ දිස්ත්‍රික්කයේ ඩෙංගු මදුරු මර්දන කටයුතුවල ප්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයයේ දී පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා එලෙස කීවේය.
මේ වසරේ ඩෙංගු රෝගීන් 46,000ක් වාර්තා වී ඇති අතර මේ වන විට 76 දෙනකු මිය ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
නොවැම්බර් මාසයේ දී පමණක් ඩෙංගු රෝගීන් 2500ක් වාර්තා වී තිබේ.