පසුගිය මාස හතේ දී ඩෙංගු රෝගීන් 22800 ක් පමණ වාර්තා වී ඇතැයිද ඉන් 40 දෙනෙකු මිය ගොස් ඇතැයි ද සෞඛ්‍ය අමාත්‍යංශය කියයි. කොළඹ, ගම්පහ, කලුතර, කුරුණෑගල, මහනුවර, මාතලේ, ගාල්ල හා මාතර වසංගත තත්වයෙන් ඩෙංගු පැතිරී යන බව අමාත්‍යංශය කියයි.
කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 7400 ක් පමණ වාර්තා වී ඇත.
ජූලි මාසයේ පළමු දින 8 දී රෝගින් 1056 දෙනෙකු සොයාගෙන ඇත. අයි.ඩී.එච්, දකුණූ කොළඹ, බොරැල්ලේ ආර්යා ළමා රෝහල, මීගමුව ජාතික රෝහල හා මහනුවර රෝහල ඩෙංගු රෝගීන්ගෙන් පිරී ඇතැයි ද කියති.