ඩෙංගු කීටයා කරාපිටිය රෝහලේ?


ගාල්ල කරාපිටිය රෝහල පරීශ්‍රයේදී කරන ලද සොයා බැලීම් වලදී ඩෙංගු මදුරුවන්  බෝවිය හැකි ස්ථාන දහයක්  සොයා ගත් බව ගාල්ල මහ නගර සභාවේ නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෙනුර  සිංගාරච්චි මහතා කියයි. දැඩි සත්කාර ඒකකය අසල, ළමා වාට්ටු අසල, මෘත ශරීරාගාරය අසල මේ ආකාරයෙන් මදුරු  කීටයන් දක්නට ලැබූණු බවත් මෙම තත්ත්වය සුළුවෙන් තැකිය නොහැකි බව ව්‍යෛ නිළධාරීවරයා පවසයි. මෙසේ සොයාගත් කීටයන් ඩෙංගු මදුරුවන් දැයි තහවුරු කිරීමට කීට විද්‍යාඥයන්ගේ සහාය ගන්නා ඔහු කියයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු, පොලිස් නිලධාරීහු, සිවිල් ආරක්ෂක කමිටු නිලධාරීහු, රෝහල් කමිටු නිලධාරීහු මෙම වැටලීමට සහභාගී වූහ.