ඩෙංගු බලකාය ඇති කරන්න ජනපතිගෙන් නියෝගයක්


(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන්ගේ වැඩිවීම  පාලනය කිරීම සඳහා ඩෙංගු කාර්ය සාධන බලකාය සක්‍රිය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ප්‍රධාන ලේකම්වරයාට සහ දිස්ත්‍රික් ලේකම්වරයාට මෙසේ උපදෙස් ලබා දී ඇත.

මේ සඳහා රාජ්‍ය ආයතන වල සහ මහජනතාවගේ සහයෝගය ලබා ගන්නා ලෙසද ජනාධිපතිවරයා දැනුම් දී ඇත.