ඩුබායි සැඟව සිටින අපරාධකරුවන් වෙන රටවලට පැනලා


(ගයාන් සූරියආරච්චි)

ඩුබායි රාජ්‍යයට පැනගොස් සිටින මෙරට සංවිධානාත්මක අපරාධකරුවන් එරටින් වෙනත් රටවලට පැනගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවැසීය.

සංවිධානාත්මක අපරාධකරුවන් අන්තර්ජාතික වශයෙන් අත්අඩංගුවට ගැනීම සදහා රතු නිවේදන නිකුත් කිරීමත් සමග ඩුබායි රාජ්‍ය යේ සැගවී සිටින මෙරට දරුණු ගණයේ අපරාධකරුවන් වෙනත් නම්වලින් ගමන් බලපත්‍ර සකසා වෙනත් රටවලට පැන ගොස් ඇති බව නිහාල් තල්දූව මහතා කීය.