ඩුබායි රන් වැසිකිළියෙන් නවදිල්ලියට


නවදිල්ලි බලා එමින් සිටි ගුවන් යානයක වැසිකිළියේ ඉන්දියා රුපියල් කෝටි නවය හමාරක්( ශ්‍රී ලංකා රුපියල් විසිඑක් කෝටියකට වැඩි මුදලක්) වටිනා රන් බිස්කට්  තිස් දෙකක් සඟවාගෙන ආ බව කියන  ශ්‍රී ලංකා වැසියෝ සිව් දෙනෙක් ඉන්දියාවේ ආදායම් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.

ඩුබායි සිට චෙන්නායි ඔස්සේ නවදිල්ලියට ආ මගීන් ගැන සෝදිසියෙන් සිටි ඉන්දියා ආදායම් අංශය මුලින්ම ඩුබායි සිට ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

බදු ගෙවිය යුතු කිසිවක් තමන් නොගෙනා බව පැවසුවත් වැසිකිළියෙන් රත්තරං සොයා ගැනීමට හැකි වු බවත් කුලියට ඔවුන් රන් හොරෙන් ගෙන එන්නන් බවත් ඉන්දියාව කියයි.