ඩුබායි හි නීතී විරෝධිව රැදී සිටි බව කියන ආසියා ශ්‍රමිකයෝ 400 ක් සජා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුහ.
එරට පුවත් සේවය ප්‍රකාශ කරන්නේ ඔවුන් අතුරින් සීයයට අනුවක්ම පකිස්තා ජාතිකයින් බවයි.
ඩුබායි හි නීතී විරෝධිව රැදී සිටින පුද්ගලයින් එරටින් පිටවීමට ලබා දී තිබු සමා කාලය අවසන් වීමෙන් පසුව මෙම හෙයුම සිදු කළ බවත් මෑතකදී අත්අඩංගුවට ගත් වැඩිම පිරිස බවත් එරට මාධ්‍ය කියයි.