එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඩුබායි ඇතුළු මැද පෙරදිග ජීවත්වන තමිල්නාඩු හා කේරළ දෙමළ වැසියන් එහි පළ කරන ඔවුන්ගේ පුවත්පත් ශ්‍රී ලංකාවට බොරු චෝදනා එල්ල කරමින් මඩ ප්‍රහාර පුවත් බෙදාහරිතියි එහි වෙසෙන ශ්‍රී ලාංකිකයෝ කියති.
ඔවුන් අභූත චෝදනා නඟමින් කොටියනට පක්ෂව දෙමළින් පළ කරන මේ පුවත්පත් නිසා එහි සේවය කරන ශ්‍රී ලාංකිකයෝ දැඩි කනස්සල්ලට හා ඩුබායි සමාජයේ අවමානයට හා වෛරයට පත් වෙතියි කියති. කේරළයේ මලයාලි පුවත්පත් බහරේන්හි පළ කරන ‘දේශාභිමානී, චන්ද්‍රිකා, මාතෘභූමි, කේප්ස් පුවත්පත් මේ අතර ප්‍රධාන තැනක් ගනී.
මෙම මඩ ප්‍රචාරවලට පිළිතුරු දෙන සිංහල පුවත්පත් හෝ අඩුගණනේ ශ්‍රී ලංකා රජයෙන් නිවේදනයක් හෝ නිකුත් නොවන බව එරට ශ්‍රී ලාංකිකයෝ කියති. රජය හා යුද හමුදාවද, රජයට හිතවත් සිංහල හා දෙමළ වැසියන් ද ඉලක්කකර ගනිමින් මේ ප්‍රචාර කරතියි වාර්තාවෙයි.