ඩීසල් පෝලිමට අද - හෙට යන්න එපා


 

(යොහාන් භාසුර)

ඩීසල් මෙට්‍රික්ටොන් 37,500 ක් රැගත් නෞකාවේ ඩීසල් තොගය සැලසුම් කළ පරිදි ගොඩබෑමට නොහැකි වූ බවත් ඒ හේතුවෙන් අද සහ හෙට (30 සහ 31) ඩීසල් ලබාගැනීමට පිරවුම්හල්වල පෝලිම්වල නොසිටින ලෙස ඉල්ලා සිටින බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

අත්‍යාවශ්‍ය සේවා සඳහා අඛණ්ඩව ඩීසල් සපයන බව ද කී විජේසිංහ මහතා පෙටල් බෙදාහැරීමේ කිසිදු ප්‍රශ්නයක් නොමැති බවද සඳහන් කළේය.