ඩීඅයිජීලා දෙන්නා පොලිස් කොමිසමට ගෙන්වයි


කොළඹ වෝඩ් පෙදෙසේදී එච්එන්ඩීඒ සිසුනට පහරදීමේ සිද්ධිය ගැන පොලිස් කොමිසම පරීක්ෂණයක් අරඹයි.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පවත්වන මුල්ම පරීක්ෂණය මෙයයි. මේ අනුව කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන පූජිත් ජයසුන්දර හා ගාමිණී මතුරට මහත්වරු සඳුදා උදේ 10 ට එම කොමිසමට කැඳවනු ලැබ සිටිති.

පොලිස් කොමිසමේ සභාපතිවරයා වනුයේ සිරි හෙට්ටිගේ මහතායි. පොලිස් කොමිසමේ ප්‍රකාශකයකු පැවසූයේ වැරදිකරුවන් වන අයට අපරාධ නීතිය යටතේද ආයතනය වශයෙන්ද දඬුවම් කළ හැකි බවයි.

නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර දැනටම මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන පවසා ඇත්තේ පොලිසිය අවම බලය පාවිච්චි කරමින් ක්‍රියාකළ බවයි.

ජයසුන්දර මහතාද සහභාගීවූ මාධ්‍ය හමුවකදී පැවසූයේ ලංකාදීප පත්‍රය උපක්‍රමශීලීව ඡායාරූප පළකර ඇති බවයි.

මේ අතර මාධ්‍යයේ පළවූ වීඩියෝ පට හා ඡායාරූප පුවත්පත් කොමිසම ගෙන්වාගෙන ඇති බවද දැනගන්නට ඇත.