ඩීඅයිජී බෝලේ යූජීසියට පාස් කරයි


විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ වගකිවයුතු පාර්ශ්වයක් එම ස්ථානයේ සාකච්ඡා කිරීමට සිටියේ නම් පෙරදින සිදුවීම සිදු නොවීමට ඉඩ තිබූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

අතකින් බැටන් පොල්ලක් ද, අතකින් මුගුරක් ද රැගත් පොලිස් නිලධරයකු ශිෂ්‍යාවකට පහර දෙන අයුරු දැක්වෙන පින්තූර පුවත්පත්වල පළ කර ඇතත් එවැනි පහරදීමක් නොවූ බවත්, එම නිලධරයා වැටී සිටි ශිෂ්‍යාව නැගිටවීමට උත්සාහ ගත් බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන මහතා කීවේය.

හිසට පොල්ලක් තබාගෙන පහර දෙන ආකාරයෙන් සිටින්නේ ඇයිදැයි ඇසූ විට ඔහු කීවේ පහර දීමක් සිදුවීමක් නොවූ බව තමා වගකීමෙන් ප්‍රකාශ කරන බවයි. මෙය ඒ සිසුවිය නැගිටුවීමට කරන උත්සාහයක් බව ද ඔහු කීවේය. පොලිසිය කෙරෙහි ද්වේශය ඇති කිරීමට පුවත්පත් ගත් උත්සාහයක් බව ද ඔහු සිරිවර්ධන කීවේය.

මෙම මාධ්‍ය සාකච්ඡාවට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර, නියෝජ්‍ය පොලිස්පති ගාමිණී මතුරට, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චම්පික සිරිවර්ධන, හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර යන මහත්වරු මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වූහ.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

IMG_0471 IMG_0476 IMG_0477 IMG_0478 IMG_0480 IMG_047800

(වීඩියෝ හඬපට සැකසුම - අකිල බද්දෙවිතාන)