ඩීඅයිජී දරුවාගේ ගෙදරට යයි


දින තුනකට පෙර මීගලෑවෙන් පැහැරගත් දිනිඳු යශේන් දරුවා ගැන ලැබුණු බව කියන තොරතුරක් මත මාධ්‍යවේදීහු   කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී කාර්යාලයයට රැස්ව සිටිති.  

මේ අතර වයඹ ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා මීගලෑවේ දරුවාගේ ගෙදර බලා ගිය බව පොලිස් ආරංචි කියයි.

දරුවාගේ පියාත් සීයාත් පැය කිහිපයකට පෙර ගෙදරින් බැහැරව ගිය බවත් දැන ගන්නට ඇත.

දරුවා පිළිබඳ කිසියම් තොරතුරක් ලැබී ඔවුන් යන්නට ඇතැයි අනුමාන කෙරේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරිගුණවර්ධන මහතා පැවසුවේ දරුවා තවම සොයා නොගත් බවයි.

නිකවැරටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන අලහකෝන් මහතා පැවසුවේ දරුවා සොයා ගත් බවට පැතිර යන ආරංචිය සනාථ කළ නොහැකි බවයි.