ඩීඅයිජි වාහන දෙකක් එකට හැපේ


කොළඹ කැප්පිටිපොළ මාවතේ පොලිස් නිලධාරි  නිවස්නය අසල දී නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුගේ මෝටර් රථ ගැටී ගසක ද වැදී  වාහන දෙකටම බරපතල හානි සිදු වී ඇතැයි පොලිස් ආරංචි කියයි.

ජනාධිපති ආරක්ෂක ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස් එම් වික්‍රමසිංහ හා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්වරුන්ගේ වාහන මෙසේ අනතුරට ලක්විය.

වික්‍රමසිංහ මහතා ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනපති සමඟ නිව්යෝර්ක් ගොස් සිටියි.

අජිත් රෝහණ මහතා වාහනයේ සිටිය දැයි දැනගන්නට  නැත. 

මෙම අනතුරින් පසු පොලිසිය එම ප්‍රදේශයේ  පාර දෙපැත්තෙම වසා දැමීය.