කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයයේ සිසුවකුට පහරදීමේ චෝදනාවට වරදකරුවන් කරමින් ගුරුවරුන් තිදෙනකුට කොළඹ මහාධිකරණයෙන් නියම කළ අවුරුදු දෙක බැගින් වූ සිරදඬුවම ඉවත් කිරීමට නියෝග කළ අභියාචනාධිකරණය ගාමිණී එදිරිසූරිය, එම්.ඒ.ඩී.ශාන්ත කුමාර පෙරේරා සහ ඒ.එම්.ආරියපාල යන තිදෙනා චෝදනාවලින් නිදොස් කර නිදහස් කරනු ලැබූහ.
විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතාගේ එකඟත්වයෙන් විනිසුරු එච්.එන්.ජේ.පෙරේරා මහතා මේ තීන්දුව ප්‍රකාශ කළේය.
17 හැවිරිදි සිසුවකුට ඔහුගේ මව බලා සිටිය දී ම 2004 ජනවාරියේ දී පහරදුන් බවට ඔවුහු වරදකරුවෝ වූහ.

