කොළඹ ඩී එස් සේනානායක විදුහලෙන් ඉගෙනුම ලැබ ත්‍රිවිධ හමුදාවට බැදී උතුරු , නැගෙනහිර, ප්‍රදේශවලදී ක්‍රියාන්විත රාජකාරීයේදී මිය ගිය රණවිරුවන්ට උපහාර දැක්වීමේ උත්සවයක් රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය රණවිරු ස්මාරකය අභියසදී අද (19) පැවැත්විණි.
ක්‍රියාන්විත රාජකාරියේදී මිය ගිය කපිතාන් චානක එස් අත්තනායක මහතාගේ මෑණියන් වන ප්‍රවීණ ගායිකා සුජාතා අත්තනායක මහත්මියද තම පුතුගේ ඡායාරූපයට ආචාර කළාය.












