ඩී ආර් විජයවර්ධන සේවාව අගයමින් මුද්දරයක්


මෙරට පුවත්පත් කලාවේ පුරෝගාමියකු මෙන්ම සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ නිර්මාතෘවරයා ද වූ ඩී ආර් විජයවර්ධන මහතාගේ 130 වන ජන්ම සංවත්සර සැමරුම් උළෙල ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හෝර්ටන් පෙදෙසේ පිහිටි ලක්ෂ්මන් කදිරගාමර් මධ්‍යස්ථානයේ දී අද පැවැත්විණි.

විජයවර්ධන මහතාගේ සේවාව අගයමින් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශයෙන් විශේෂ මුද්දරයක් හා මුල් දින කවරයක් ද නිකුත් කැරිණි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ද එම අවස්ථාවට එක්විය.

RDS_0665 RDS_0701