(යොහාන් භාසුර)
ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ 2023 වසරේ ජූලි මස පැවරූ එම කොමිසම සතු බලතල සංශෝධනය කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් අද (30) ප්‍රසිද්ධ කළේය.
එහිදී 2341/51 හා 2023.07.20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයෙන් නියෝජ්‍ය පොලිස්පතිවරු පවරා තිබූ පරිපාලන බල ප්‍රදේශය තුළ ස්ථාන මාරු කිරීම, වැඩ තහනම් කිරීම සහ විනය පාලන කටයුතු ආදි බලතල සහකාර පොලිස් අධිකාරීවරු වෙත පවරා තිබේ.
සහකාර පොලිස් අධකාරීවරු එම බලතල ක්‍රියාත්මක කිරීමේදී පහළ පොලිස් නිලධාරීන්ට කිසියම් අසාධාරණයක් වුවහොත් ඒ සඳහා පොලිස් කොමිසමට පැමිණිළි කිරීම සඳහා ‘2025 ජාතික පොලිස් කොමිෂන් සභා (අභියාචනා කාර්ය පටිපාටික) රීති” යනුවෙන් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
පොලිසිය ක්‍රියාත්මක කරන මෙහෙයුම් කටයුතු පහසුවීම සඳහා පොලිස් කොමිසම සතු ඉහත බලතල පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙසේ පැවරූ බවත් පොලිස්පතිවරයාගේ ඉල්ලීමකට අනුව එම බලතල සහකාර පොලිස් අධිකාරීවරුන්ට මාරුකර ඇති බවත් සඳහන් වේ.