විදුලි සංදේශ විධායකයකු වන අසේල වෛද්‍යලංකාර (27)මහතා මඩකළපුව රෝහලේ සිට කොළඹට මාරු කිළ බව මඩකළපු රෝහල් ආරංචි මාර්ග කියයි.
නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යලංකාර මහතාගේ පුත් අසේලට පහර දී ඇත්තේ පාසිකුඩාවේ මාළු මාළු හෝටලයේදීය.
පහර දුන් දහතුන්දෙනා අතර පල්ලේවත්ත ගමරාළලාගේ දහම් සිරිසේන(20) සිටි බවත්, ඔහු සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුතා බවත්, දෙපිරිස අතරම ගැටුමක් ඇතිවූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
අසේල මීට කලින් දහම් සිරිසේන දැන ඇදින නොසිටි බව පොලිස් ආරංචි කියයි.

