ඩී.අයි.ජී ගෙදරත් නැහැ : මඩකලපුවෙත් නැහැ


වව්නියාව කුඩා කච්චිකුඩිය අසල පසුගිය ජූනි මාසයේදී නිදන් හෑරීමට ගිය පිරිසක් අත් අඩංගුවට ගැනීම වැලැක් වී යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති යු.කේ දිසානායක අත් අඩංගුවට ගැනීමට සොයන නමුත් ඔහු මඩකලපුවේත්, තිඹිරිගස්යාය නිවසේත් නැති බව පොලීසිය කියයි.

එවකට වව්නියාවේ නියෝජ්‍ය පොලිස්පති වු ඔහු එම සිද්ධියෙන් පසු මඩකලපුවට මාරු කෙරිණි.

ඉන්පසු ඔහු අත් අඩංගුවට ගන්නා ලෙස පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා නියෝග කළේය.

නිදන් හෑරීමට ගිය ව්‍යාපාරිකයින් ඇතුළු 7 දෙනෙක් විශේෂ පොලිස් කණ්ඩායමක් මෙහෙයවු පොලිස් අධිකාරී මෙවන් සිල්වා මහතා විසින් අත් අඩංගුවට ගෙන රිමන්ඩ් බන්ධනාගාර ගත කළේය.