ඩිෆෙන්ඩර් රියකින් පැමිණ දීඝවාපියේ පින්තූර ගත් බව කියන පිරිසක් හිමි නමකගේ සිවුරෙන් ඇද්දැයි කියන සිද්ධියක් දුරදිග යෑමෙන් පසු ගැමියන් පාර හරස් කර කොට දමා එම සිව් දෙනා සහ වාහනය සිරකරගෙන සිටිතියි කියති.
එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක දයා ගමගේ මහතා පොසොන් උත්සවය වෙනුවෙන් දීඝවාපියේ සංවිධානය කළ සංදර්ශන භූමියක ඡායාරූප ගනිද්දී මේ කලබලය සිදුවිය.
ඩිෆෙන්ඩර් රියෙන් ආ පිරිස විහාරාධිපති නන්නගුරාවේ බුද්ධරක්ඛිත නාහිමියනට ද වැඳ සමාව ගැනිමෙන් පසු සවස් කාලයේ පිටවී ගිය බව පොලිසිය කියයි.
මේ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනිමේ අයිතිය තමන් සතු බව විහාරාධිකාරී මහ ඔය සෝභිත හිමියෝ කියති.
(ඡායාරූප නවරත්න සමරතුංග)
(ඡායාරූපය වසන්ත චන්ද්‍රපාල)