කඩුවෙල ‘ඩිස්කවර්ස්’ චෙස් ඇකඩමිය විසින් සංවිධානය කරනු ලබන බස්නාහිර පළාත් පාසල් චෙස් තරගාවලිය ලබන ජුනි 1-2 යන දිනවල කඩුවෙල කොතලාවල විදුහලේදී පැවැත්වේ.
වයස 6න් පහළ, 8න් පහළ, 10න් පහළ, 12න් පහළ, 14න් පහළ, හා 16න් පහළ යන වයස් කාණ්ඩ බාලක හා බාලිකා ඉසව් තරගාවලියට ඇතුළත් වේ. ජුනි 1 වෙනිදා පස්වරු 6.30 සිට 8.30 දක්වා තරගාවලියට සහභාගි වන
කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් ලියාපදිංචි කෙරෙන බව ඩිස්කවර්ස් චෙස් ඇකඩමිය නිවේදනය කරයි.
තරගාවලිය පිළිබඳ විස්තර 0776772104 හෝ 0714776177 යන දුරකතන අංක වලින් ලබාගත හැකිය.