විදේශ රැකියා අක්‍රමිකතා පිළිබඳ චෝදනා එල්ල වී ඇත්තේ විදේශ රැකියා නියුක්ති කාර්යංශයට මිස ඇමැති ඩිලාන් පෙරේරාට නොවන බව තලතා අතුකෝරාල විදේශ රැකියා ඇමැතිනී කියන්නීය.
‘මේ අක්‍රමිකතා සම්බන්ධයෙන් වගකීම බාර ගන්නැයි හිටපු විදේශ රැකියා ඇමැතිට කියන්න මට බැහැ. ‘ යි තලතා අතුකෝරාල මහත්මිය කියන්නීය.
ජනාධිපතිවරණයට පෙර ඩිලාන් පෙරේරා මහතාට චෝදනා එල්ල කරමින් කියා සිටියේ පුහුණු මධ්‍යස්ථානයක මුල් ගල් තැබීමේ උත්සවයකට රුපියල් එක්කෝටි විසි ලක්ෂයක්, බැතිගීයක් ගායනයට රුපියල් ලක්ෂ 56ක් ද, දානයකට රුපියල් ලක්ෂ 25ක් ද, නත්තල් පාටියකට රුපියල් ලක්ෂ 11ක් ද, ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් තුන් කෝටි හැට දෙලක්ෂයක් ද වැය කළ බවයි.

