ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ඕක්ලන්ඩ් හි පැවැති දෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජයත් සමග ක්‍රීඩාගාරයට පිවිසි කණ්ඩායම් සාමාජිකයන් අතර සිටි ටී.එම්.ඩිල්ෂාන්ට ප්‍රේක්ෂකාගාරයේ සිට අයකු ‘ඩිල්ෂාන් දැන් රිටයර් වෙන්න‘ යනුවෙන් කෑ ගසා ඇත.
ඉන් ප්‍රකෝප වූ ඩිල්ෂාන් එම පුද්ගලයාට බැන වදින ආකාරය එම අවස්ථාවේ වීඩියෝ පටයක සටහන් වී ඇත. අනතුරුව ඩිල්ෂාන් ඒ සම්බන්ධයෙන් ක්‍රීඩාපිටියේ ආරක්ෂාවට සිටි නිලධාරීන් දෙදෙනකුට පැමිණිලි කළේය.

