ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක තිලකරත්න ඩිල්ශාන් නුගේගොඩ දෙල්කඳ රැස්වීමක් සංවිධානය කරමින් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ ජනපතිට සහයෝගය දෙන බව ප්‍රකාශ කළේය.
ශක්තිමත් රටක් ගොඩනැගීමට ජනපති ගත් ක්‍රියාමාර්ගය ඔහු ප්‍රශංසා කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන ජනපතිවරයාගේ ප්‍රචාරක දැන්වීම්වලට පෙනී සිටීමට ආරාධනා ලැබුණද ඒවා ප්‍රතික්ෂේප කර ඇතැයි ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ ජාල වෙබ් අඩවි වාර්තා කරයි.
එහෙත් කුමාර් සංගක්කාර තම ෆේස් බුක් පිටුවේ සඳහන් කරන්නේ ජනපතිගේ දේශපාලන ව්‍යාපාරයට හවුල්වන ලෙස තමාට මුදල් දීමට ඉදිරිපත්වී යැයි සමාජ මාධ්‍යවල පළවන කථා මුළුමනින්ම අසත්‍ය බවයි. බොරු කථා ගොතා ඇත්තේ දුෂ්ට චේතනාවෙන් බවත් තම නමට අපහාසවන එවැනි කථා සියල්ල ගණන් නොගන්නා ලෙසත් සංගක්කාර කියයි.


