ෂාරුක් ඛාන් සහ ආලියා භාත් ප‍්‍රධාන චරිත නිරූපණය කරන ඩියර් සින්දගී ප‍්‍රදර්ශනය ඇරඹූ දිනයේම රුපියල් කෝටි 8.75ක ආදායමක් ලබන්නට සමත් වූයේය.
ෂාරුක් ඛාන්ට ආලියා භාත් වැනි යොවුන් නිළියක හා රඟ පාන්නට හැකිදැයි සැක සහිත සිතුවිලි සහිත වූවන් පවා මවිතයට පත් වූයේ ඒ පුවත සවන් වැකුණ කලය. වයසත් සමඟ ෂාරුක්ගේ ජනප‍්‍රියත්වය වැඩි වෙනවා මිසක් අඩු වෙන බවක් පෙනෙන්නට නැතැයි දැන් ඔවුහුම කියත.
ෂාරුක් ඛාන් ඉන්දියාවේ පමණක් නොව විදෙස් රටවලද ජනප‍්‍රිය බවට හොඳම සාක්‍ෂිය ඩියර් සින්දගීය. උතුරු ඇමරිකාවේ මුල් දින ප‍්‍රදර්ශන ආදායම ලක්‍ෂ 17.82ක් වූ අතර කැනඩාවේ එය කොටි 2.69ක් වූයේය.