(සුමිත් පොතුපිටිය,සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ කළුතර ප්‍රාදේශීය ධාවන කළමනාකාරවරයා අල්ලස් මුදලක් ලබගැනීම සම්බන්දයෙන් චෝදනාවක් එල්ලවී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොම්ෂන් සභා නිළධාරීන් අද පරීක්ෂණයක් සදහා රැගෙන ගිය බව කළුතර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් පැවසීය.
රිය අනතුරක් සිදුකිරීමෙන් පසු රියදුරු සංචිතයට යොමුකර සිටී රියදුරකු යළි මාර්ගයේ රියදුරු රාජකාරී යෙදවීම සදහා රුපියල් පහලොස් දහසක අල්ලස් මුදලක් ලබාගැනීමේදී ධාවන කළමණාකාරවරයා අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.
කළුතර ප්‍රාදේශීය ධාවන කාර්යාලය පිහිටී පානදුර ඩිපෝවේ වැසිකිලියක් තුළදී අල්ලස් මුදල ලබාගැනීමේදී අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව ලංගම උසස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.

