මහරගම වත්තෙගෙදරදී පෞද්ගලික බස් රියදුරකුට පහර දුන්නැයි සැක පිට ලංගම ඩිපෝ කළමනාකරුවෙක්,ගණකාධිකාරිවරයෙක් හා ධාවන කළමණාකරුවෙක් මහරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
පහර කෑමට ලක් වු පෞද්ගලික බස් රියදුරා ජිප් රියකින් පොලීසියට රැගෙන ගිය අවස්ථාවේ එම රියදුරා පවසා ඇත්තේ එම තිදෙනා තමාට පහර දුන් බවයි.

