නුදුරේදීම නිකුත් කිරීමට සැළසුම්කර ඇති ඩිජිටල් ජාතික හැඳුනුම්පත් සදහා වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයින් ලක්ෂ 160 ක් දෙනා සුදුසුකම් ලබා ඇතැයි ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ලබාදීමේ ව්‍යාපෘතියේ අධ්‍යක්ෂක ජානක අමරසිංහ මහතා පවසයි.
2011 වසරේ සංගණන වාර්තා වලට අනුව මෙම පුද්ගලයින් පිරිස තෝරාගෙන තිබෙන අතර 2016 වසර වන විට ඔවුන් අතට ඩිජිටල් ජාතික හැඳුනුම්පත් ලබාදීමට නියමිතය.
හඳුන්වාදීමට යන නව ජාතික හැඳුනුම්පතේ අයිතිකරුගේ ඡායාරූපයක්, භාෂා 3 න්ම ලියැවී ඇති ඔහුගේ තොරතුරු,හැඳුනුම්පත කල් ඉකුත්වීමේ දිනය හා අයිතිකරුගේ ඇගිලි සළකුණ අන්තර්ගත වේ.
පැරණි ජාතික හැඳුනුම්පත් වල තිබෙන දුර්වලතාවයන් වන එකම අංකයෙන් හැදුනුම්පත් 2 ක් සකස් කිරීමට ඇති හැකියාව,පහසුවෙන්ම ව්‍යාජ ලෙස සකස් කිරීමට ඇති හැකියාව,ඇතැම් අවස්ථාවල හැඳුනුම්පතේ ඇති ඡායාරූපය ඇසුරෙන් හිමිකරු හදුනාගැනීමට අපහසුවීම යනාදියට විසදුම් මේ නව හැඳුනුම්පතෙන් ලැබෙන බව ජානක අමරසිංහ මහතා කියයි.

