හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයකු මාතලේ නගරයේ දී කුඩා දරුවකු මෙහෙකාර සේවයේ යොදවාගෙන ඇතැයි හැඟවෙන ඡායාරූප පසුගියදා මාධ්‍ය හරහා ප්‍රචාරය වීමත් සමග එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මාතලේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.බී.ටී.සුගතපාල මහතා පවසයි.
එම දරුවා පෙනුමින් වයස අවුරුදු 10ක පමණ වේ. හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා දඹුල්ලේ පදිංචිකරුවෙක් බවත් වාර්තාවේ.
මාතලේ ඔරලෝසු කණුව අසලදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ වාහනයෙන් බැසගත් දරුවා මලු කිහිපයක් එයට පටවන ආකාරයත් ඒවා රැගෙන එන ආකාරයත් පසුව කාරයේ පසුපස කොටසේ රිංගා ගමන්කරන ආකාරයත් එම ඡායාරූපවල සටහන් වී තිබිණි.