ඩික්සන් දැක රෝසා මවිත වෙයි


කවුද මේ ඩික්සන් කියන්නේ. දන්න අයත් සමහර විට ඇති. ඩික්සන් කවුද කියන්නයි, රෝසා පුදුම වුණේ ඇයි කියන්නයි. මේක කියවන්නම වෙනවා. මේ රෝසා තමන්ගේ ෆේස්බුක් ගිණුමේ තිබ්බ සටහනක්.

අර ..... අපි කථාවට කියනවනෙ...., හරියට නිකං දෙයියො දැක්කා වගේ කියලා..අන්න එහෙම සිද්දියක් තමයි මේක..........!!!!!!!!

හරියටම ජනවාරි 20 Marians ල play කලා තලවතුගොඩ Grand monarch hotel එකේ sing along party එකක්.එතන audience එකේ තමයි මේ hero උන්නේ.....දන්නවා නේද මෙයා කවුද කියල ..?මෙයා තමයි Supper Golden Chimes සංගීත කණ්ඩායමේ Clarance wijewardena ගෙ original lead guitarist, Mr. Dixon Gunarathne.

Dixon අයිය ගැන කාලාන්තරයක් තිස්සේ අහල තිබුණට එදා තමයි සජීවීව දැකල ඔහු සමග මුහුණ බලාගෙන කථා කරන්න ලැබුනේ.

නොදන්නා අයවයි මම මේ දැනුවත් කරන්නේ.....Dixon Gunarathne කියල කියන්නේ. Clarance අයියගේ සින්දු 100 ක් play කලොත්, 99ක් ම lead guitar play කරලා තියෙන්නේ මොහු. කෙටියෙන්ම කිවුවොත්," දිලීප පොඩි පුතු" ගෙන් පටන් ගත්තම , ඒ වකවානුවේ Clarance අයිය ගයනා කල බොහෝ ගීත වලට Lead Guitar play කරලා තියෙන්නේ Dixon අයිය.

ඒ විතරක් නෙමෙයි , ඔහු මගේ ගිටාරය නැවතත් baptize කළා කිවුවොත් එය නිවැරදියි, මම කතෝලිකයෙක් නිසයි එහෙම කිවුවෙ.මගේ ගිටාරය කරේ එල්ලාගෙන " සිහින ලොවක් දුටුවා මතකයි" කියන song එකේ guitar part එක play කරනකොට.......මම කල්පනා කලා මේ මගේ ගිටාර් එකෙන්ද මේ sound එක එන්නේ කියල. ඒක එච්චරටම original sound එක,

ඒක ඔහුගේ දක්ෂ කම, ඔහුගේ technic එක.ඔහු guitar එක sound කරන විදිය.

ඒ වෙලාවේ මම ගොඩාක් දේවල් තේරුම් ගත්ත.ගොඩාක් දේවල්මට හිතුන.ඔහු මොන තරම් නිහතමානියි ද කියල.තව ගොඩාක් දේවල් ඒ අවස්ථාවේ සිද්ධ වුණා.ඒවා කියන්න මට කාලේ මදි.

ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම Legend...මගේ music කියන විෂයේ දී ඔහු මට දෙවි කෙනෙක්.ඒ නිසයි මම මුලින්ම කිවුවෙ,

" හරියට දෙවියෝ දැක්කා වගේ " කියල.

 

Dixon අයියා...ඔබට දීර්ඝායු......!

20170125Rosa-1 20170125Rosa-2 20170125Rosa-3