ඩ්‍රෝන යානා 15ක් සොරාගත් 3ක් දැලේ


(ඉන්දිකා  රාමනායක)

නුගේගොඩ මිරිහාන පාර  අලෙවි සැලක තිබු  සැහැල්ලු ඩ්‍රෝන යානා 15 ක් සොරාගත්   සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසයි.

සැකකරුවන් එහි සේවකයන් වශයෙන් සිටියදී ඉකුත් ජූනි මස 20 දින මෙම භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි පොලීසිය පවසයි.‍ෙඒ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊයේ (13)  අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් නුගේගොඩ, පන්නිපිටිය සහ මාවතගම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

 

.