ඩ්‍රෝන යවද්දි දැනුම් දෙන්න දුරකතන අංක


(ගයාන් සූරියආරච්චි)

අනවසර ඩ්‍රෝන යානා ගුවන් ගත කිරිමෙන් ආපදාවට ලක්වූ ජනතාව බේරාගැනීමේ මෙහෙයවුම්වලට මෙන්ම ගුවන් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ජීවිතවලට සහ ගුවන් යානාවලට බරපතළ තර්ජනයක් එල්ල වන බව ගුවන් හමුදාව පවසයි.

එබැවින් සියළුම ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමට පෙර එම යානා ගුවන්ගත කිරීමේ සහ ගොඩබෑමේ වේලාවන් පිළිබඳව පහත අංක අමතා දැනුම් දෙන ලෙස ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඒ අනුව සාමාන්‍ය දුරකථන: 0112343970 / 0112343971 වලට අමතා හෝ ක්ෂණික දුරකථන 115 අංකයට අමතා ඒ පිළිබදව දැනුම්දෙන ලෙස ගුවන් හමුදාව පවසයි.

දැනට පවතින ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ප්‍රදේශවල  ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමේදී මහජනතාවගේ සහයෝගය ගුවන් හමුදා බලාපොරොත්තු වන අතර  මානුෂීය ආධාර සහ ආපදා සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන මෙහෙයුම්  ක්‍රියාත්මක කිරීම  අවදානම් තත්වයක් ඇති කරන බවද ඔවුහු පවසති.

ආපදාවට ලක්වූ ප්‍රදේශවල මානුෂීය මෙහෙයුම්වල නිරතවීමේදී ගුවනේ  ඩ්‍රෝන යානා ක්‍රියාත්මක කිරීමෙන් වළකින ලෙස ද ගුවන් හමුදාව ජනතාවගෙන් ඉල්ලා සිටියි.