ඩ්‍රෝන තාක්ෂණයෙන් අක්කර 8 කට කෘමි නාශක-වල් නාශක ඉසියි


(ඉන්දිකා  රාමනායක)

යුද්ධ හමුදාව වර්ථමානයේ නවීන හා විද්‍යාත්මක  පිළිවෙත් අනුගමනය කරමින් ප්‍රථම වරට ‍ඩ්‍රෝන  තාක්ෂණය භාවිතා කරමින් ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථාන සංකීර්ණය අවට ඇති අක්කර 8.5 ක  වගාවක්  වෙනුවෙන් කෘමිනාශක සහ වල්නාශක ඉසීම සිදු කරන ලදි.


නියමු ව්‍යාපෘතියක් වශයෙන් පළමු අදියරේදී යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ අධ්‍යක්ෂක බ්‍රිග්‍රේඩියර්  ඒ.කේ රාජපක්ෂ  සහ 2 වන කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කපිතන් ඩබ්ලිව්.ඒ.ඒ.කේ.වයි වික්‍රමසිංහ මහතාගේ  අධීක්ෂයණය යටතේ ආයතනය කිහිපයක් සමග එක්ව මෙය නියමු ව්‍යාපෘතියක්  ලෙස දියත් කළේය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ  මහතාගේ  අධීක්ෂණය උපදෙස් යටතේ ,අද්‍යක්ෂ  ජෙනරාල් මූල්‍ය  කළමනාකරණ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.එස්.එම් අබේසේකර ,  මහතාගේ  සංකල්පයක් මත මෙම නියමු  ව්‍යාෘතියක්  ආරම්භ කරන ලදී.


මෙමගින් අඩු පිරිවැයකින් කෘමිනාශක සහ වල්නාශක අවශ්‍ය ප්‍රමාණයට  අස්වැන්න සඳහා යෙදවීම අපේක්ෂාන කරයි.