ඩ්‍රෝන කැමරාව පොලිස් වැට කඩයි


සන්ඩේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ සිරුර යළි ගොඩගැනීමේ අවස්ථාවට මාධ්‍යවේදීන් හා ඡායාරූප ශිල්පීන්ට යාමට නොදෙන ලෙස පවුලේ සාමාජිකයන් ඉල්ලා සිටි නිසා ඔවුනට ඉඩ නොදුන් බව රහස් පොලිස් ආරංචි කියයි.

ඔහුගේ සිරුරේ ඉතිරි කොටස් අතර ඔහු ඇඳ සිටි කබායෙන් සිරුර හඳුනාගත් බව වාර්තාවේ.

සිරුර ගොඩගැනීමට දෙපැයක් පමණ ගතවිය.

කොළඹ කනත්තේ පිටුපස දොරටුවෙන් සිරුරේ කොටස් රැගත් වාහනය කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය බලා ගිය බවද දැනගන්නට ඇත.


පෙරවරු 10. 25

කොළඹ කනත්තේ ලසන්ත වික්‍රමතුංග සන්ඩේ ලීඩර් කතුවරයා මිහිදන් කළ සොහොනට උඩින් මින් මද වේලාවකට පෙර ඩ්‍රෝන කැමරාවක් සැරිසැරීම නිසා පොලිසිය කලබල විය.

ගුවන් ඡායාරූප ගත් එම කැමරාව අල්ලා ගන්නට පොලිසියට නොහැකි විය.

කනත්තේ වැටෙන් එළියේ තබා සිටි මාධ්‍යවේදීන් සිටි තැනට පොලිසිය කලබලයෙන් දුව ආවත් ඩ්‍රෝන කැමරා හිමිකරු සොයාගත නොහැකි විය..

0-02-06-1bb0c19da46578c0823fc368b42d35cf880bed054ef92530d4a9e734429994ad_full 0-02-06-6b6dfd0dc9c1a9423c32cf317c08f5005b758275427e2a0f68fccc62afaefde3_full 0-02-06-94a3fa7ddc0aeac6af1f88493162ca9a2b2dd4d80abe6cdb5721c62af6b94b93_full 0-02-06-acb1f46aefee058db1d252540f58e4f791b1b926d0b32aad2aad4f9e1652c88f_full 0-02-06-f0d6b8e3fe15a1f79988b982ae28bde51212c0293e4e23f229a58c44c246a02e_full