ඩ්‍රීම් ස්ටාර් තරුව හිමාල කඳු මුදුනට


2016-12-05-ent-163

කොළඹ නාලන්දා විද්‍යාලයේ 11 දෙනෙකුගෙන් යුත් සිසුන් කණ්ඩායමක් පසුගියදා හිමාල කන්ද ගවේෂණය සාර්ථකව නිම කර තිබෙනවා. මොවුන් ඉන්දියාවේ ඩාර්ජලීන්හි කඳුනැගීම සම්බන්ධයෙන් ඇති ආයතනයේ දින 28ක් රැඳී සිටිමින් විශේෂ පාඨමාලාවක් ද හදාරා තිබීමච විශේෂත්වයක්. අඩි 16.500ක් උසැති රෙනොක් කඳුමුදුනට නැගීමට සියලුදෙනාට හැකිවුණු බව දන්වා තිබෙනවා. එම පාඨමාලාවේ කඳුනැගීමේ තරගයකටද ඔවුන් සහභාගී වී ඇති අතර එහිදී මදුර බණ්ඩාරනායක විසින් රන් සම්මානයත්, පුන්සිසි අලහකෝන් විසින් රිදී සම්මානයත් දිනාගැනීමට සමත්ව ඇති බව සඳහන්.

මනෝජ් විජේසුන්දර විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබූ අතර ධනංජය ආනන්ද, ජනිත් ඉද්දමල්ගොඩ, මහීම පෙරේරා, විදුෂාන් තිස්ස කුමාර, පුන්සිසි අලහකෝන්, ළහිරු ප්‍රියදර්ශන, ගීතික කුමාරසිරි, ශාමික චන්ද්‍රසේකර, චමෝද් පීරීස්, මදුර සූරිය බණ්ඩාර එම කණ්ඩායමට ඇතුළත් වුණා. දෙරණ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවෙන් ගායන ක්ෂේත්‍රයට පිවිසුණු ජනිත් ඉද්දමල්ගොඩ දෙරණ නාළිකාවේ ඩ්‍රීම් ස්ටාර් සයවන අදියරේ රියැලටි ටීවී ගායන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය දිනාගනු ලැබුවා.

 

චමින්ද වාරියප්පෙරුම

 

2016-12-05-ent-162
2016-12-05-ent-161
2016-12-05-ent-160
2016-12-05-ent-159