කී‍්‍රඩා සමාජ 20කගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අන්තර් සමාජ ‘ඩයලොග්’ ශූරතා ලීග් පාපන්දු තරගාවලිය ලබන සෙනසුරාදා (4) ආරම්භ වේ. පළමු තරගය රත්නම් කණ්ඩායම හා සෝන්ඩර්ස් කණ්ඩායම අතර අද පස්වරුවේ සිටි ලීග් පිටියේදී පැවැත්වෙන අතර ඉරිදා (5) තවත් තරග හතරක් පැවැත්වීමට නියමිතය.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධානතම පාපන්දු තරගාවලිය ලෙස වසර ගණනාවක් පවත්වා ගෙන ආ මෙම තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ වසරක පමණ කාලයක් ඉක්මවා යාමෙන් පසුවය.
දිවයිනේ ස්ථාන 15කදී තරග 187ක් පැවැත්වෙන මෙවර ලීග් තරගාවලියේ මුළු තරග කාලය පැය 16830ක් ඉක්මවා යන බව තරග සංවිධායකයෝ පවසති.
කණ්ඩායමේ හයක් පමණ මේ වන විට තරගාවලිය සඳහා විදේශීය කී‍්‍රඩකයන් සහභාගි කර ගැනීමට තීරණය කර තිබේ. එක් කණ්ඩායමක් සඳහා උපරිම වශයෙන් විදේශීය කී‍්‍රඩකයන් තිදෙනෙකු සහභාගි කර ගැනීමේ අවස්ථාව හිමිව තිබේ.
ඩයලොග් ශූරතා ලීග් පාපන්දු තරගාවලිය සඳහා මෙවර පිට පළාත් කණ්ඩායම් කිහිපයකටද අවස්ථාව හිමිව තිබීම කැපී පෙනේ.
මෙවර තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අලූත් උපක‍්‍රම ඔස්සේ තරග වැදීමට සූදානමින් සිටින අතර කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම මොරොක්කෝවේ පුහුණුකරුවකුගේ සේවය ලබා ගනිමින් තරගාවලියට එයි. සුගතදාස කී‍්‍රඩාංගණයද ඇතුළුව සිටි පාපන්දු පිටිය, වර්නන් ප‍්‍රනාන්දු කී‍්‍රඩාංගණය, මීගමුව මාරිස්ටෙලා, කැළණිය, ඒකල, වැලිසර, කොළඹ සහීරා, සී.ආර්. සහ එෆ්.සී., මාතර, මීගමුව දොන් බොස්කෝ, වෙන්නප්පුව ඇල්බට් පීරිස්, කුරුණෑගල මාලිගා පිටිය, පොලිස් කී‍්‍රඩාංගණය,හෝමගම, නාවලපිටිය ජයතිලක, අනුරාධපුර බන්ධනාගාර යන කී‍්‍රඩාංගණ වලදී පළමු වටයේ තරග 50ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
තරගාවලිය කාණ්ඩ දෙකකට බෙදා වට දෙකකින් පැවැත්වෙන අතර එක් කණ්ඩායමකට හිමි තරග ගණන 18 කි. ඒ ඒ කාණ්ඩයෙන් වැඩිම ප‍්‍රසාද ලකුණු ලබන කණ්ඩායම් හතර අර්ධ අවසන් පූර්ව වටයට තෝරා ගැනේ.
ජයග‍්‍රහකයාට රුපියල් 750,000ක් දිනා ගැනීමට අමතරව ආසියානු සමුළු සභාපති කුසලාන පාපන්දු තරගාවලියට (2014) ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සුදුසුකමද ලබයි. තරග සංවිධායකයන් පවසන්නේ අනුශූරයන්ට රුපියල් ලක්‍ෂ පහක් පිරිනැමීමට අමතරව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම් හතර සඳහා රුපියල් ලක්ෂයක් බැගින්ද ප‍්‍රදානය කෙරෙන බවකි.