නව මුහුණුවරකින් ආරම්භ වූ ‘ඩයලොග්’ ශූරතා අන්තර් සමාජ පාපන්දු තරගාවලියේ මුල් සති අන්තයේ තරග හයක්ම ජය පරාජයෙන් තොරව අවසන් විය. සති අන්තයේ විශාලතම ජයග‍්‍රණය ලබාගත් කඵතර බ්ලුස්ටාර්ස් පිල විසින් බේරුවල සුපර්සන් පිල ගෝල 4-0 ක් ලෙස පරාජය කරන ලදි.
තරග ප‍්‍රතිඵල
- කඵතර බ්ලුස්ටාර්ස් පිල විසින් බේරුවල සුපර්සන් පිල පරාජය කරන ලදි (4-0)
- ජාවා ලේන් පිල විසින් ගුවන් හමුදා පිල පරාජය කරන ලදි (1-0)
- වෙන්නප්පුව නිව් යංග්ස් පිල විසින් කඵතර පාක් පිල පරාජය කරන ලදි (1-0)
- අප්කන්ටි‍්‍ර ලයන්ස් පිල හා අනුරාධපුර පොලිස් පිල අතර තරගය ජයපැරදුමෙන් තොරයි (1-1)
- කොළඹ ලීග් පිල හා නාවික හමුදා පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
- රත්නම් පිල හා සෝන්ඩර්ස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (0-0)
- මීගමුව යූත් පිල හා මාතර සිටි පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
- මීගමුව දොන් බොස්කෝ පිල හා පොලිස් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)
- කුරුණෑගල පෙලිකන්ස් පිල හා රිනවුන් පිල අතර තරගය ජය පැරදුමෙන් තොරයි (1-1)