ඩයනාට වරෙන්තු


(රෝෂන් තුෂාර)

ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීම හා  වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීයේ යැයි  චෝදනා ළද හිටපු අමාත්‍යවරියක  වන ඩයනා ගමගේ මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය අද(21)  වරෙන්තු නිකුත් කළාය.
ඩයනා ගමගේ මහත්මියගේ ඇපකරුවන්ට නොතීසිද නිකුත් කළාය.

ඩයනා ගමගේ මහත්මිය  ආගාමික හා විගාමික  පනත උල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින්  පැවරු නඩු හතෙහි සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ  අතර නඩුව කැඳවන අවස්ථාවේදී  වගඋත්තරකාරිය අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර   සිටි  ආගමන විගමන පාලක ජනරාල්වරයාගේ නියෝජිතයෙකු ,මහාධිකරණ නඩු භාණ්ඩ කාමරයේ භාරකාරවරයා හා , නඩුවේ පළමු සාක්ෂිකාර  පැමිණිලිකරු  අධිකරණය පෙනී සිටීයේය.