ඩග්ලස්ට එරෙහිව සිවාජිලිංගම් අවි අමෝරයි


පාර්ලිමේන්තුවේදී උතුරු පළාත් සභාව වෙත චෝදනා කරන හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා සමග තමන් අදාළ කාරණා පිළිබඳ සාකච්ඡා කිරීමට කුමන හෝ ස්ථානයක විවෘත විවාදයකට පැමිණෙන ලෙසට අභියෝග කරන බැව් දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්තී‍්‍ර එම්.කේ. සිවාජිලිංගම් මහතා පැවසීය.

පසුගිය දිනක පාර්ලිමේන්තුවේදී ඩග්ලස් දේවානන්ද මහතා, උතුරු පළාත් සභාව ලැබෙන මුදල් ප‍්‍රයෝජනයට නොගනිමින් උතුරු මහ ඇමැති ඇතුළු මන්තී‍්‍රවරුන් එම මුදල් වලින් සුඛෝපභෝගි ජිවිත ගත කරමින් සිටින බව සඳහන් කිරීම සම්බන්ධයෙන් සිවාජිලිංගම් මන්ත‍්‍රී වරයා 18 වැනිදා පළාත් සභා සැසියේදී ප්‍රකාශ කළේය.

එම ප‍්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බවත් සුගිය වසර දෙකක කාලය තුළ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් විශාල වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක කොට ඇති අතර,වසර 20කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව තුළ සිටින ඩග්ලස් දේවානන්ද මහතා සිදුකළ මෙහෙයට වඩා වැඩි මෙහෙයක් උතුරු පළාත් සභාව පසුගිය සමය තුළ ජනතාවට සිදු කොට ඇති බවත් සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කීය.

එමෙන්ම ඩග්ලස් දේවානන්ද වීදුරු කාමරයක සිට ගල් ගසමින් සිටින බවත් ඔහු පසුගිය සමයේ අමාත්‍යධූර දරමින් උතුරේ කුමන සංවර්ධනයක් සිදු කළේද යන්න සම්බන්ධයෙන් උතුරේ ජනතාව අවබෝධ කරගෙන සිටින බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.