ඩග්ලස් දේවානන්දට චෙන්නායි අධිකරණයෙන් සිතාසි


පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක ඩග්ලස් දේවානන්ද ඇතුළු සාක්ෂිකරුවන් අට දෙනකුට ලබන ජනවාරි 18 වැනිදා දින චෙන්නායි අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර ඇත.

දේවානන්ද ඇතුළු ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ සාමාජිකයන් 1986 වසරේදී දිපවාලී උත්සවයක් අතරතුර චෙන්නායි වැසියන්ට වෙඩි තබා ඇතැයි චෙන්නායි පොලිසිය ප‍්‍රකාශ කරයි. සැකකරුවන් සියලූ දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණ භාරයේ රඳවා ගෙන සිටි අතර ඇප මත නිදහස් කිරීමෙන් අනතුරුව ඔවුන් පැනගොස් ඇතැයි ද චෙන්නායි පොලිසිය ප‍්‍රකාශ කර සිටියි.

නඩු විභාගය දෙකට බෙදා ඩග්ලස් දේවානන්ද මන්තී‍්‍රවරායට වෙනම නඩු විභාගයක් ද දැනට අතුරුදන්ව සිටින සැකකරුවන්ට වෙනම නඩු විභාගයක් ද පවත්වන්නැයි නීතිඥයන් අධිකරණයෙන් ඉල්ලා ඇත. මන්තී‍්‍රවරයා මෙම නඩු විභාගයේ තෙවැනි සැකකරු වෙයි.