ලංකාවේ මව් පිය සෙනෙහස අහිමි වූ දරුවන් ගේ ජීවන සුබ සාධනයට උපකාරි වීමට ප්‍රංශයේ ආසියාතික කලා සංසඳය සංවිධානය කළ වසන්තයේ ගී මිහිර සංගීත සැඳෑව මාර්තු මස 31 වැනි ඉරුදින සවස හයට පැරීසියේ කළාප අංක 13 හි රූ ඩෙ තේර් ඹ් කුයුරේ පාරේ අංක 10 හි පිහිටි සල්මා ශාලාවේදි පැවැත්වීමට යයි.
පැරීසියේ ඩ්‍රීම්ස් වාදකයන්ගේ සංගීතයට ලංකාවේ පැර‚ ජනප්‍රිය ගායක ටෝනි හසන් හා ඔහුගේ දියණියසමීරා හසන් හා මුත්තුසාමි සංගීත පවුලේ මධුෂාන් මොහාන් රාජ් එදින සැදැවේ ගීගැයීමට නියමිතය.
මින් පෙර තැඹිලි විකුණා ලැබුණු මුදල් දුප්පත් පවුලකට පරිත්‍යාග කළ ආසියාතික කලා සංසදය මෙවර සැදැවෙන් එවැනිම පවුල් තෝරා අධ්‍යාපනය සදහා උපාකාර කිරීමට සැලැසුම් කර ඇති බව එහි සභාපති බණ්ඩාර මහාතා පැරීසියේ ලංකාදීප එසැණ පුවත් සේවයට පැවසීය.