ටොස්කානා බක්මහ උළෙල ජුලි හත්වැනිදා


ඉතාලියේ ටොස්කානාහි ශ්‍රී ලංකා සංගමය වසරක් පාසා සංවිධානය කරනු ලබන ‘ටොස්කානා බක්මහ උළෙල‘  ජුලි හත් වැනිදා උදේ 10 සිට වියාලේ මයිකල් ආන්ජලෝ අංක 72හිපිහිටි ඒ අස් අස් අයි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සාම්ප්‍රදායික සිංහල ජන ක්‍රීඩා රැසකින් සමන්විත ටොස්කානා බක්මහ උළෙල අවසානයේ සංගීත ප්‍රසංගයක් ද පැවැත්වේ.

මෙවර ටොස්කානා බක්මහ උළෙලට අනුග්‍රහය දැක්වීමට  ශාන්ත රාජපක්ෂ සහ ටෝනි ඩී සිල්වා මහත්වරු ඉදිරිපත්ව සිටිති.

එදින ලොතරැයි දිණුම් ඇදීමක් ද පැවැත්වීමට නියමිතය.

වැඩි විස්තර - සම්මික උඩුනුවර ෆිරැන්සේ සිට (0093 320 894 33 11)