ටොයිලට් අස්සේ ගහපු සෙල්පිය


ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු ආක්ෂේ කුමාර් මේ දිනවල දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයේ රැඳී සිටියි. ඒ සිය අලුත්ම චිත්‍රපටය වූ නිරාජ් පාණ්ඩ්ගේ ‘ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයේ රූපගත කිරීම් වෙනුවෙනි. මෙහි ඔහු පළමු වතාවට භූමිකා පෙඩ්නිකාර් සමගින් රංගනයෙන් දායක වන අතර, ඇය දායක වන දෙවැනි බොලිවුඩ් චිත්‍රපටය වීම විශේෂත්වයකි.

ආක්ෂේ සිය අලුත්ම චිත්‍රපටයේ පළමු දිනයේ රූපගත කිරීම් සඳහා දායක වීමට පෙර රූපගත කිරීම් කටයුතු කිරීමට යොදාගත් දර්ශන තලයේ වැසිකිළියක් ඉදිරියේ සෙල්පි ඡායාරූපයක් ගෙන ඇති අතර, ඔහු එය සිය ‘ට්විටර්’ ගිණුමටද බැර කර තිබුණේ ‘ඒක් ප්‍රේම් කතා’ චිත්‍රපටයේ පළමු දවසේ රූපගත කිරීම් ඇරඹීමට පෙර යන්නට වැකියක්ද එක් කරමිනි.

මේ සෙල්පියට මේ වනවිට ඉහළ ප්‍රේක්ෂක මත ලැබි තිබෙන අතර, ඉන් බොහොමයක් ඔහුගේ සමිපතම නළුනිළියන් චිත්‍රපට අධ්‍යක්ෂවරුන් හා නිෂ්පාදකවරුන්ගෙන් වන බවද මෙම තොරතුරු වැඩිදුරටත් වාර්තා කර සිටියි.

 

2016-11-08-ent-06