ටෙස්ට් සංචිතයේ චාමරට ඉඩක් නෑ


සංචාරක එංගලන්ත කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා නම් කරන ලද ශී‍්‍ර ලංකා සංචිතයට ලකුණු අතර ස්ටින පිතිකරු චාමර සිල්වා නම් කර නැත. මෙම සංචිතය සඳහා කඩුලූ රකින ක‍්‍රිඩක ප‍්‍රසන්න ජයවර්ධන සහ සුරාජ් රන්දිව් නැවතත් කැදවා තිබේ. චාමර මෙවර අන්තර් ක‍්‍රිඩා සමාජ කි‍්‍රකට් තරග වාරයේදි ලකුණු 1143 ක් ලබා මෙම තරග වාරයේදි ලකුණු 1000 සීමාව පසු කළ එකම ක‍්‍රිඩකයාද වෙයි. ඔහුගේ ලකුණු 1000 සදහා ද්විත්ව ශතකයක්, ශතක 3 ක් සහ අර්ධ ශතක 6 ක්  ඇතුළත් විය. සිල්වා පසුගියදා අවසන් වු තුන්දින පුහුනු තරගයේදි පළමු ඉනිමෙදි ලකුණු 163 ක් ලබා ගැනිමට ද සමත් විය. ශ්‍රී ලංකා සංචිතය මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), තිලකරත්න ඩිල්ෂාන්, තරංග පරනවිතාන, ළහිරු තිරිමාන්න, කුමාර් සංගක්කාර, තිලාන් සමරවිර, දිනේෂ් චන්දිමාල්, ප‍්‍රසන්න ජයවර්ධන, සුරංග ලක්මාල්, ධම්මික පෙරේරා, චානක වෙලගෙදර, සුරාජ් රන්දිව්, රංගන හේරත්.